වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් (To Lam) මහතා නිල රාජ්‍ය සංචාරයක් සඳහා අද (07) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය. වියට්නාම් ජනාධිපතිවරයෙකු මෙරට සංචාරය කරන්නේ වසර 15කට පසුව වීම විශේෂත්වයකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම් ජනාධිපතිවරයා අතර හෙට (08) ජනාධිපති කාර්යාලයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙන අතර, ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පුළුල් කරමින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය. විශේෂයෙන්ම කෘෂිකාර්මික නවීකරණය, ඩිජිටල් ආර්ථිකය සහ අපනයන ක්ෂේත්‍රයේ වියට්නාම් අත්දැකීම් මෙරටට ලබා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ.
මෙම සංචාරයේ කැපී පෙනෙන සිදුවීමක් ලෙස “වියට්නාම් එයාර්ලයින්ස්” (Vietnam Airlines) සහ “වියට්ජෙට් එයාර්” (Vietjet Air) මගින් ක්‍රියාත්මක කරන කොළඹ සහ හෝ චි මිං/හැනොයි අතර සෘජු ගුවන් ගමන් සේවාව හෙට සිට නිල වශයෙන් ආරම්භ කෙරේ. මීට අමතරව වියට්නාම් ජනාධිපතිවරයා හෙට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද, ශ්‍රී ලංකා – වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සංසදයේ ප්‍රධාන දේශනය සිදු කිරීමට ද නියමිතය.














