වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා ලබන මැයි මස 08 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව වාර්තා වේ. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
එම කාරක සභා තීරණයට අනුව පාර්ලිමේන්තුව ලබන මැයි මස 05 වැනිදා සිට 08 වැනිදා දක්වා රැස්වීමට නියමිතය. මැයි මස 05 වැනි අඟහරුවාදා දින පෙරවරු 11:30 සිට පස්වරු 5:00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ වූ නියමයන් හතරක් සහ නියෝගයක් විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය කර තිබේ. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් වියට්නාම ජනාධිපතිවරයා සිදුකරන මෙම විශේෂ දේශනය ජාත්‍යන්තර වශයෙන් ද වැදගත් වනු ඇත.














