27 April 2024
#දේශීය

වියට්නාම් බෞද්ධයෝ ශ්‍රී ලංකාවට ඖෂධ පරිත්‍යාග කරති

වියට්නාම බෞද්ධ නියෝජිත පිරිසක් විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත අද (11) අරලියගහ මන්දිරයේ දී ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාගය වියට්නාම බෞද්ධ සංඝ සභාවේ උප සංඝනායක අතිපූජ්‍ය තිච් වියන් මින් නා හිමියන් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත සංකේතාත්මකව පිළිගන්වන ලදී. ඇමෙරිකානු ඩොලර් 20,000ක් වටිනා මෙම ඖෂධ තොගය අග්‍රාමාත්‍යවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජානක චන්ද්‍රගුප්ත වෙත භාර දෙනු ලැබීය.

මෙම අවස්ථාවට වියට්නාමයේ සිට පැමිණි ස්වාමීන් වහන්සේ සහ බෞද්ධ නායකයෝ පිරිසක්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු නිලධාරීහූ පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *