2016 වසරේ පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී, කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට සහ තුම්මුල්ල ඇතුළු ප්‍රදේශවල මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම මගින් මහජන පීඩාවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
කුරුඳුවත්ත පොලිසිය විසින් පවරන ලද මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන් ලෙස ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් නම් කර ඇත.
අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම නඩුවේ වැඩිදුර විභාගය සඳහා එය එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.
















