රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සල්ලේ (Major General Suresh Sallay) මහතාට එරෙහිව ක්‍රියාත්මක වන දේශපාලන ක්‍රියාවලීන්ට සහ අසාධාරණ තීන්දුවලට විරෝධය පළ කරමින්, කොළඹ කොටුව දුම්රියපොළ (Colombo Fort Railway Station) ඉදිරිපිටදී පැවති Stand up for Sallay යන තේමාවන් පෙරදැරි කරගනිමින් සංවිධානය වූ විරෝධතා ව්‍යාපාරය අමතා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වත්මන් පාලනාධිකාරියේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. එහිදී අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා සඳහන් කළේ කෙහෙල්බද්දර පද්මෙ වැනි පාතාල අපරාධකරුවන්ට පවා සැප ලබාදෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ වදකාගාර පද්ධතීන්, සෙව්වන්දි මැණිකේ වැනි පුද්ගලයන්ට සැප ලබාදෙද්දී, රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි මේජර් ජෙනරාල් සුරේෂ් සල්ලේ මහතාට පමණක් අන්ත නින්දිත සහ මෘග ආකාරයෙන් සලකමින් සිටින බවයි.
















