• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Visa වෙතින් ලංකාවට Click to Pay සේවාව හඳුන්වා දෙයි

අන්තර්ජාල ගෙවීම් වඩාත් වේගවත් සහ සුරක්ෂිත වෙයි

18 June 2026
in දේශීය, පුවත්
Visa වෙතින් ලංකාවට Click to Pay සේවාව හඳුන්වා දෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාරිභෝගිකයින් සඳහා සුරක්ෂිත, බාධාවකින් තොර සහ වඩාත් පහසු ඩිජිටල් වාණිජ අත්දැකීමක් ලබාදීමේ වැදගත් පියවරක් තබමින්, Visa සමාගම මෙරට තුළ ‘Click to Pay’ සේවාව අද (17 වැනිදා) සිට ආරම්භ කරන බව නිවේදනය කර තිබේ. මෙම නව සේවාව මඟින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ගෙවීම් පියවීමේ (Checkout) ක්‍රියාවලිය වඩාත් වේගවත් වන අතර, පාරිභෝගිකයින්ට කිසිදු බාධාවකින් තොරව මිල දී ගැනීම් සිදුකිරීමටත්, වෙළෙඳුන්ට සාර්ථක ගෙවීම් ප්‍රතිශතයන් ඉහළ නංවා ගැනීමටත් අවස්ථාව සැලසේ. විශේෂයෙන්ම කාඩ්පත් විස්තර නිතර ඇතුළත් කිරීමට සිදුවන ‘ලියාපදිංචි නොවූ පාරිභෝගික ගෙවීම්’ (Guest Checkout) ක්‍රියාවලියේ පවතින සංකීර්ණභාවය මඟහරවා ගැනීමට මෙයින් විසඳුම් ලැබෙනු ඇත.
‘Click to Pay’ සේවාව යටතේ පාරිභෝගිකයින්ට එක් වරක් පමණක් සිදුකළ යුතු සරල සැකසුමකින් (One-time setup) පසුව, තමන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනය හෝ ජංගම දුරකථන අංකය පමණක් භාවිත කරමින් තම Visa කාඩ්පත සුරක්ෂිතව ලියාපදිංචි කළ හැකිය. ඉන්පසුව සිදුකරන සෑම මිල දී ගැනීමකදීම නැවත නැවතත් කාඩ්පත් විස්තර ඇතුළත් කිරීමකින් තොරව, ක්ලික් කිරීම් කිහිපයකින් ගනුදෙනුව සම්පූර්ණ කළ හැකි වේ. මෙහි ආරක්ෂාව සඳහා Tokenised තාක්ෂණය භාවිත කර ඇති බැවින්, ගෙවීම් සිදුකරන විට කාඩ්පතේ ඇති සංවේදී තොරතුරු පද්ධතිය හරහා සෘජුවම ගමන් නොකරන අතර, ඒ වෙනුවට ආරක්ෂිත digital tokens ආදේශ කෙරේ. මේ නිසා සැබෑ කාඩ්පත් අංකය රහසිගතව පවතින බැවින් මූල්‍ය වංචා සිදුවීමේ අවදානම සම්පූර්ණයෙන්ම වැළකී යයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Visa හි ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකාරිණී අවන්ති කොළඹගේ සඳහන් කළේ, භාණ්ඩ මිල දී ගැනීම සහ ගෙවීම් සිදුකිරීම සඳහා ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් ඩිජිටල් ක්‍රමවේද වෙත යොමුවන බැවින්, ඔවුන් වෙනුවෙන් වඩාත් විශ්වසනීය සහ සුරක්ෂිත ගෙවීම් අත්දැකීමක් සලසා දීම අතිශයින්ම වැදගත් වන බවයි. ගෙවීම් පියවීමේ ක්‍රියාවලියට මෙම tokenization තාක්ෂණය සම්බන්ධ කිරීම මඟින් කාඩ්පත්වල සංවේදී දත්ත නිරාවරණය වීම අවම වන අතර, මෙය මෙරට ඩිජිටල් ගෙවීම් පරිසර පද්ධතියේ සහ ගෙවීම් ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා Visa සමාගම තැබූ සුවිශේෂි පියවරක් වනු ඇතැයි ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
Post Views: 6
Previous Post

අද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සාර්ථකයි

Next Post

ඇමෙරිකානු මධ්‍යම බැංකුවේ තීරණයත් සමඟ ලෝක වෙළෙඳපොළේ රන් මිල එකවරම පහළට

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකානු මධ්‍යම බැංකුවේ  තීරණයත් සමඟ ලෝක වෙළෙඳපොළේ  රන් මිල එකවරම පහළට

ඇමෙරිකානු මධ්‍යම බැංකුවේ තීරණයත් සමඟ ලෝක වෙළෙඳපොළේ රන් මිල එකවරම පහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති  සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

එක්සත් ජනපදය ඉරාකයේ සිය අවසන් කඳවුරෙන් මිසයිල ආරක්ෂක පද්ධති ඉවත් කර ගනියි

31 July 2026
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති  සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved