ඇමෙරිකානු මධ්‍යම බැංකුව (Federal Reserve) විසින් මෙවර සිය පොලී අනුපාතිකයන් වෙනස් කිරීමකින් තොරව ස්ථාවරව තබා ගැනීමට තීරණය කර ඇතත්, ඉදිරියේදී පොලී අනුපාත නැවත ඉහළ දැමීමේ ඉඟි පළ වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ රන් මිල ක්ෂණිකව පහළ ගොස් තිබේ.
මධ්‍යම බැංකුවේ නිලධාරීන් 18 දෙනෙකුගෙන් 9 දෙනෙකුම මේ වසර තුළ අවම වශයෙන් තවත් එක් වරක් හෝ පොලී අනුපාත ඉහළ දැමිය යුතු බවට මේ වන විට අපේක්ෂා කරන බව වාර්තා වේ. මෙම ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ ක්ෂණික රන් මිල (Spot Gold Prices) සෘජු බලපෑමකට ලක්වෙමින් වේගයෙන් පහත වැටී ඇත.
ආර්ථික විචාරකයන් පෙන්වා දෙන්නේ ඉහළ පොලී අනුපාතයන් පවත්වාගෙන යාමේ හැකියාව නැවත වරක් කරළියට පැමිණීම, ආයෝජකයන් රන් වෙළෙඳපොළෙන් ඉවත් වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















