ඇමරිකානු හමුදා මෙහෙයුම් සඳහා සිය රටේ ගුවන් කඳවුරු භාවිත කිරීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි (Abbas Araqchi) මහතා බල්ගේරියාවට දැඩි විරෝධය පළ කර තිබේ.
බල්ගේරියාවේ බෙස්මර් (Bezmer) ගුවන් කඳවුරේ තාවකාලිකව ඇමරිකානු යුධ ගුවන් යානා සහ සේවකයින් ස්ථානගත කිරීමට බල්ගේරියානු රජය ගත් තීරණය ඉරානයට එරෙහි ආක්‍රමණයකට අනුබල දීමක් වැනි බව අරක්චි මහතා බල්ගේරියානු විදේශ අමාත්‍යවරයා සමඟ පැවති දුරකථන සංවාදයකදී පෙන්වා දී ඇත. එසේම, සයිප්‍රස් විදේශ අමාත්‍යවරයා සමඟද සාකච්ඡා කළ ඉරාන විදේශ අමාත්‍යවරයා, එරට පිහිටි විදේශීය හමුදා කඳවුරු ඉරානයට එරෙහිව භාවිත කිරීම වැළැක්වීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.
ඇමරිකානු හමුදා මෙහෙයුම් සඳහා තමන්ගේ භූමිය හෝ කඳවුරු ලබාදෙන රටවල් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඉරානය මීට පෙරද දැඩි ලෙස අනතුරු ඇඟවීම් කර තිබුණි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














