වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. 2026.05.12 වන දින උදෑසන මදුරන්කුලිය පොලිස් වසමට අයත් 03 කණුව ප්‍රදේශයේදී මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇති අතර එහිදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් 90ක් හෙවත් බෝතල් 120ක් සොයාගෙන ඇත. අනෙක් සැකකරු සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් හෙවත් බෝතල් 100ක් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනාම මදුරන්කුලිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 24 සහ 35 යන වයස්වල පසුවන මදුරන්කුලිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව අනාවරණය වී ඇති අතර මදුරන්කුලිය පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.














