ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී ඇතැයි විපක්ෂය දිගින් දිගටම අසත්‍ය ප්‍රකාශ කරන බවත්, ඔවුන්ට අවම වශයෙන් සාර්ථක මැයි දින රැලියක් හෝ සංවිධානය කර ගැනීමට නොහැකි වූ බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
තම පක්ෂයේ නායකයන් පවා මැයි දින වේදිකාවට නංවා ගැනීමට නොහැකි වූ ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩු බලය ලබා ගන්නේ කෙසේදැයි ඇමතිවරයා ප්‍රශ්න කරයි. ආණ්ඩුව ජනවරමට ගරු කරමින් විශ්වාසවන්ත ගමනක් ඉදිරියට යන බව ඔහු පවසයි. මේ රටේ නැවත ආණ්ඩුවක් හදන්නේ නම් ඒ මාලිමාව බවට කිසිදු සැකයක් තබාගත යුතු නැති බව වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
















