වැලිමඩ පොලිස් වසමේ, වැලිමඩවත්ත ප්‍රදේශයේදී පෙරේදා (09) සිදු වූ බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැලිමඩවත්ත ප්‍රදේශයේම පදිංචිව සිටි 68 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය වන අවස්ථාවේදී මියගිය පුද්ගලයා සහ ඔහුගේ පුත්‍රයා නිවස ආසන්නයේ සිටියදී මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇත.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පියා සහ පුත්‍රයා වැලිමඩ දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී පියා මියගොස් ඇත. පහරදීමෙන් තුවාල ලැබූ පුත්‍රයා මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















