කොත්මලේ ගාමිණි දිසානායක ජාතික පාසලේ අද (19) දින සංවිධානය කර තිබූ ඩෙංගු මර්ධන වැඩසටහනක් අතරතුර සිදු වූ බඹර ප්‍රහාරයකින් සිසුන් 07 දෙනෙකු සහ මව්වරුන් දෙදෙනෙකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
පාසල් භූමිය තුළ ශ්‍රමදාන කටයුතු සිදු කරමින් සිටියදී පාසල් ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ක්ෂණිකව ඇවිස්සීමෙන් මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇත. සිද්ධිය සැල වූ වහාම 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මගින් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු යොදා තිබිණි.
දැනට රෝහල් ගත කර ඇති පිරිසගේ තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපේක්ෂා කරන අතර, පාසල් භූමිය තුළ මෙවැනි අවදානම් තත්ත්වයන් පවතින විට ශ්‍රමදාන වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මීට වඩා අවධානය යොමු කිරීමේ වැදගත්කම ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.
















