ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහා බඳවාගත් කළමනාකාර සහකාර නිලධාරීන් 72 දෙනෙකු ස්ථිර සේවයට පත් කිරීම අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඔවුන්ව සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව කුසලතා පදනම මත ස්ථිර සේවයට අනුයුක්ත කර ඇත.
එමෙන්ම, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් ක්ෂේත්‍ර සහායක තනතුරු සඳහා 71 දෙනෙකු වෙත පත්වීම් ලබාදීම අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, ඔවුන් දිවයින පුරා පිහිටි මිනින්දෝරු කාර්යාල සඳහා අනුයුක්ත කිරීමට නියමිතය.
















