• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජලය වැඩි තැනින් අඩු තැනට  

21 July 2018
in සංවර්ධන

 

ජලය වැඩි සහ අඩු යන කාරණා පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වමින් ආපදා කළමනාකරණ වැඩපිළිවෙල දියත් කිරීමට සැලසුම් කරන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට ආපදා ඇතිවීමට ප‍්‍රධාන හේතු කාරණා දෙකක් ලෙස ජලය වැඩි හා ජලය අඩු යන කාරණා හදුනාගත හැකි බවයි. ගංවතුර හා නියගය යන තත්ත්වයන් ඇති වීම තුළ මේ බව පැහැදිලි වන්නේ යැයිද ඔහු සඳහන් කළේය. එබැවින් ආපදා කළමනාකරණයේදී ජලය වැඩි ස්ථානවල සිට ජලය අඩු ස්ථාන කරා ජලය ප‍්‍රවාහනය කිරීම ඉතා සුදුසු ක‍්‍රමවේදයක් ලෙස හදුනාගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ පසුගියදා (20) පැවැති නිලධාරී සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය. ඉදිරි ආපදා සැලසුම් පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබිණ.

මෙම වැඩපිළීවෙල යටතේ කළු, කැළණි, නිල්වලා ඇතුළු ගංගා දෝණි දහයක් ආශ‍්‍රීතව ඇතිවන ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමට සැලසුම් කර තිබේ. එම වැඩපිවෙල මේ වන විටත් ආරම්භ කර ඇති අතර, එහි මූළික වැඩපිළිවෙල කි‍්‍රයාත්මක වන්නේ කළු ගං දෝණිය කේන්ද්‍ර කර ගනිමිනි. ජලය හිග ප‍්‍රදේශ වෙත ජලය රැගෙන යාම තුළ විපත් අවම කළ හැකිය යන තේමාව පාදක කර ගනිමින් මෙම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බවත්, එය විද්‍යාත්මක කි‍්‍රයාවලියක් මත පදනම්ව කි‍්‍රයාත්මක වන පුළුල් වැඩපිළිවෙලක් බවත් අමාත්‍යවරයා පැවැසීය.

වාරිමාර්ග හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් සිසිර කුමාර, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසෙකර, වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජනරාල් එස්. මෝහනරාජා යන මහත්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

 

Post Views: 3
Previous Post

එළියට අවොත් ආණ්ඩුව ඉවරයි

Next Post

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වෙනස් කරන්නේ නෑ

editor

editor

Next Post

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වෙනස් කරන්නේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved