ජල බිල්පත්වල පවතින හිඟ මුදල් අයකර ගැනීම සඳහා වන විශේෂ ‘ජල සැපයුම් විසන්ධි කිරීමේ සතිය‘ එළඹෙන ජූලි මස 13 වැනිදා සිට 19 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ. ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මෙම විශේෂ මෙහෙයුම දැඩිව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව, කොළඹ 01 සිට කොළඹ 15 දක්වා වූ සියලුම ප්‍රදේශ, මහරගම කලාපය සහ කෝට්ටේ කලාපය තුළ මෙම විශේෂ නීතිමය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. එම ප්‍රදේශවල පාරිභෝගිකයන්ගේ ජල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා, බිල්පත්වල ඇති සියලුම හිඟ මුදල් 2026 ජූලි 13 දිනට පෙර ගෙවා නිම කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය දන්වා සිටියි. නියමිත දිනට පෙර හිඟ මුදල් ගෙවා, එමඟින් ඇති විය හැකි අපහසුතා මඟහරවා ගැනීමට සහය වන ලෙස ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
















