පොලිස් අශ්වාරෝහක අංශයේ අශ්වයන් විසිපස්දෙනකු පමණ ළඟඳීම විශ්‍රාම යැවීමට කටයුතු යොදා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසයි.
දැනට පොලිස් අශ්වාරෝහක අංශයේ අශ්වයන් 40ක් පමණ සිටින අතර, ඉන් 25 දෙනෙකු මෙසේ විශ්‍රාම යැවීමට නියමිතය. එම අශ්වයන් වෙනුවට අලුතින් අශ්වයන් 30ක් පමණ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත අතර, නෙදර්ලන්තයෙන් හෝ ප්‍රංශයෙන් ඒවා ගෙන්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙම නව අශ්වයන් ගෙන්වා ගැනීම සඳහා රුපියල් මිලියන 10ත් 12ත් අතර මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














