වටවල පොලිස් වසමට අයත් වැලිඔය වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණියක් අද (17) අලුයම ඝාතනය කර ඇති බව වටවල පොලිසිය වාර්තා කරයි.
ඝාතනයට ලක්ව ඇත්තේ හැටන්, වැලිඔය වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණියකි. බරපතල තුවාල ලැබූ ඇය වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.
මෙම ඝාතනයට හේතුව හෝ එය සිදුකළ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත. සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා වටවල පොලිසිය මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මියගිය තරුණියගේ දේහය වටවල රෝහලේ තැන්පත් කර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිතව ඇත.
වටවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ සෘජු මෙහෙයවීම යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














