27 April 2024
#දේශීය

අපි සංවේදී ආණ්ඩුවක් .. සමාවෙන්න – ඇමැති මහින්දානන්ද

ඉන්දියාව සමග සාකච්ඡා කරලා කඩිනමින් තෙල් ගෙන ඒමට කටයුතු කරන අතර අලුත් අවුරුද්දට කලින් මේ තෙල් ප්‍රශ්නයත් විසඳලා අවසන් කරන්න කටයුතු කරනවා යැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදහස් දක්වමින්, “අපි රජයක් විදිහට නිහතමානිව පිළිගන්නවා මේ වන විට ජනතාව මත පැටවිලා තිබෙන බර නිසා මිනිස්සුන්ට අමාරුයි. අපි ඉතාම සංවේදි ආණ්ඩුවක් හැටියට ජනතාවගෙන් ඒ පිළිබඳව සමාව අයදිනවා. අපිට රජයක් හැටියට පැහැදිලිව වගකීමකින් මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට හැකියාව තිබෙනවා. ඒ නිසා අපි ඉතා කඩිනමින් මේ ප්‍රශ්නයට විසඳුම් ලබාදිලා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රජය කටයුතු කරමින් සිටිනවා. මෙය ලෝක ආර්ථික අර්බුදයක්. මෙය ලෝකයේ හැම රටකටම බලපාන ප්‍රශ්නයක්. ඒ නිසා බොරදියේ මාළු බාන්න හදනවා විවිධ දේශපාලන පක්ෂ. වාහන පොලිම්වලට යවලා උසි ගන්වනවා. මෙය අපි විසින් සිදුකරන දෙයක් නොවේ. මේ අපි ගෙවන්නේ පහුගිය කාලයේ ගත්ත ණය මුදල්. හැබැයි අපි කියා සිටිනවා මේ අර්බුදය විසඳා ගැනීම සඳහා හැකියාව තිබෙනවා. අපි ජනතාවට මේ අර්බුදයෙන් අලුත් අවුරුද්දට කලින් මිදීමට වැඩපිළිවෙළක් හදලා තිබෙනවා. ඒ වගේම මේ අර්බුදය මධ්‍යයේ විශාල මාෆියාවකුත් හැදිලා තිබෙනවා. මෙය සමතයකට පත් කරන්න හැම දෙයක්ම කරනවා. මේ වන විට විශලා බොරු මත හදනවා විපක්ෂය විසින්. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එතුමා මේ රටේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානය ලබාදිලා තිබෙනවා. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අපේ රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වන දෙයක් සිදු කරලා නෑ. ඊයේ සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි කිව්වා මුළු ඉන්දියාවට අපි විකුණන් හදනවා කියලා . දැන් ඉන්දියාව මැදිහත් වෙලා ආණ්ඩුවට සහන ලබා දෙන නිසා අද විපක්ෂ අසල්වැසි ඉන්දියාවට පහර දෙනවා. අපි ඊයේ දවසේ දැක්කා ජනතා විමුක්ති පෙරමුණ මහජන ගගක් ගේනවා කියලා රැස්විමක් තිබ්බා. සමහර පිරිස් සිතනවා නුගේගොඩ සෙනග ගෙනාවා කියලා ආණ්ඩුව වට්ටන්න. පාර්ලිමේන්තුවේ 157 ක බහුතරයක් තිබෙන ආණ්ඩුවක් අපි. මේ ආණ්ඩුව කිසිම කෙනෙක්ට වට්ටන්න බෑ. ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට වගකීමෙන් කියනවා මේ ප්‍රශ්න ඉතා කඩිනමින් අවසන් කරලා අලුත් අවුරුද්දට කලින් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *