• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි ඡන්දවලට බය නෑ .. පළාත් සභා මැතිවරණය කඩිනමින් – රාජ්‍ය ඇමැති ලාන්සා

3 January 2021
in දේශීය

රටේ සංවර්ධනයට හා ජනතාවගේ ගැටළු වලට විසදුම් ලබා දීමට පළාත් සභා ක්‍රමය යොදා ගත හැකි බැවින් පළාත් සභා ක්‍රමය පැවතිය යුතු අතර එම නිසා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අත්තනගල්ල ආසනයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු ඊයේ (02) දින ආරම්භ කරමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, “පළාත් සභා සංශෝධනය ගෙනල්ලා අවුරුදු ගානක් පළාත් සභා මැතිවරණය කල් ගිහිල්ලා තියෙන්නෙ. අපි පැහැදිලිව කියන්නේ පළාත් සභා මැතිවරණය තියන්න ඕනේ කියලා. රටේ ඉන්න මහජනතාව නියෝජනය කරන්නේ මහජන නියෝජිතයෝ. මහජන නියෝජිතයෝ නැතිව පළාත් සභා පාලනය කරන්න බැහැ. ජනතාවගේ දුක, ප්‍රශ්න, ගැටළු කියන්න පුළුවන් මහජන නියෝජිතයින්ට. මහජන නියෝජිතයින් නැතිව නිලධාරීන්ට විතරක් මේක කරන්න බැහැ කියන එක තමා මගේ පෞද්ගලික මතය. නිලධාරීන් මහජනතාව සමග සම්බන්ධ වෙනවා අඩුයි. මහජන නියෝජිතයින් තමා ජනතාව සමග නිරතුරුව සම්බන්ධ වෙන්නේ. ඒ නිසා පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි.

පනහට පනහ යෝජනාව ගෙනල්ලා සම්පූර්ණයෙන් පළාත් සභා ක්‍රමය අවුල් කරලා තියෙන්නේ. ඉදිරියේදී පාර්ලිමේන්තුව රැස්වෙන පළවෙනි දිනයේදී මේ මැතිවරණ ක්‍රමය පිළිබඳව, සංශෝධනය ගැන, මැතිවරණ ක්‍රමයේ තියෙන අඩුපාඩු ගැන සාකච්ජා කරලා මේ පිළිබඳව කමිටුවක් පත් කරලා හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන්න තමා අපේ බලාපොරොත්තුව.

අපි කවදාවත් මැතිවරණ වලට බය වුනේ නැහැ. මැතිවරණ වලට බයේ පැනලා ගිය ආණ්ඩුවක් නෙමේ. මැතිවරණ නියමිත වේලාවට තිබ්බා. මැතිවරණ කල් දැම්මේ යහ පාලන ආණ්ඩුව. ඒනිසා ඒකේ චෝදනාව එන්න ඕනේ ඒ අයට.

පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා සමගාමී ලැයිස්තුවේ පළාත් සභාවට අදාළ විෂයන් තියෙනවා. පළාත් සභා යටතේ විශාල පාසල් ප්‍රමාණයක්, රෝහල් ප්‍රමාණයක් තියෙනවා. පළාත් සභා යටතේ විශාල කාර්යභාරයක් වෙනවා. මම පළාත් සභා නියෝජනය කරපු පළාත් අමාත්‍යවරයෙක් හැටියට දිස්ත්‍රික්ක 11 ක මාර්ග කිලෝ මීටර් 6,000 ක් හැදුවා. ඒනිසා මම දන්නවා පළාත් සභා වලින් ජනතාවට විශාල සේවාවක් වෙනවා කියලා. මේ පිළිබදව නිවැරදි අවබෝධයක් නැතිව ප්‍රකාශ නිකුත් කරන එක වැරදියි. අපි මේ ක්‍රමය තුළ වැඩ කරලා තියෙනවා, ජනතාවට සේවය කරලා තියෙනවා, රටේ සංවර්ධනයට දායක වෙලා තියෙනවා. එම නිසා පළාත් සභා ක්‍රමය පැවතිය යුතුයි යන ස්ථාවරයේ සිටිනවා” යැයි කීය.

 

 

Post Views: 7
Previous Post

ඉන්දියාවේ අතරමං වු ශ්‍රී ලාංකිකයින් ගෙන්වයි

Next Post

වෙබ් මාධ්‍ය වාර්තා බොරු- මම කමිටු පත් කරලා නෑ – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

editor

editor

Next Post

වෙබ් මාධ්‍ය වාර්තා බොරු- මම කමිටු පත් කරලා නෑ - රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved