• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි බංකොලොත් නෑ.. අපිට ජනාධිපති අපේක්ෂකයෝ ගොඩක් ඉන්නවා – මහලේකම් සාගර

27 May 2024
in දේශීය, පුවත්
අපි බංකොලොත් නෑ.. අපිට ජනාධිපති අපේක්ෂකයෝ ගොඩක් ඉන්නවා – මහලේකම් සාගර

අපිට ජනාධිපති අපේක්ෂකයෝ කිහිප දෙනෙකු සිටින බවත් අපි වෙන පක්ෂ වගේ බංකොලොත් තැනක නෙමෙයි සිටින්නේ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “අපිට ජනාධිපති අපේක්ෂකයෝ කිහිප දෙනෙකු සිටිනවා. අපි වෙන පක්ෂ වගේ බංකොලොත් තැනක නොවේ ඉන්නේ ඊට වඩා උසස් තැනක ඉන්නේ. අපි ඊලග මැතිවරණය අවස්ථාවේදී මේ රටට සුදුසුම , අපේ පක්ෂය ජයග්‍රහණය කරන අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. අපි ජනාධිපතිතුමා සමඟ එකගතාවයක් පැමිණියා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉදිරි ධූර කාලය සඳහා එතුමාව පත්කරගන්නවා සහා එතුමාට අවශ්‍ය සහායෝගය දෙනවා කියලා. එතුමා සමඟ තිබෙන එකගතාවය එපමණයි. ඉන් ඉදිරියට මේ රටට සුදුසුම නායකයා තමයි අපි ඉදිරිපත් කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදි රටක නිසිකලට මැතිවරණ පැවැත්වීම අවශ්‍යයි. අපේ පක්ෂය හැමවිටම මැතිවරණය වෙනුවෙන් පෙනි සිටි පක්ෂයක්. අපේ පක්ෂයට, අපේ නායකයින්ට හැමදාම චෝදනා තිබුණේ නිසිකලට ප්‍රථම මැතිවරණ පවත්වනවා කියනවා මිසක් මැතිවරණ කල්දාලා කියන චෝදනාවට ලක්නොවිච්ච පක්ෂයක්. අපි පක්ෂයක් විදිහට එදත් මැතිවරණ කල් දැමීමට විරුද්ධව හඩක් නැගුවේ අපි විතරයි. අද ඔය කියන කණ්ඩායම් ඔක්කෝම එදා පළාත් සභා මැතිවරණය කල්දැමීමට අත ඉස්සුවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපතිතුමා අතර දිගින් දිගටම සාකච්ඡාවන් පැවැත්වෙනවා. ඒ සාකච්ඡාවන් පැවැත්වෙන්නේ මෙම රජයේ වැඩපිළිවෙල ඉදිරිකාලයේදී කොහොමද ඉදිරියට ගෙනියන්නේ සහ ජනතාවට මේ රජයේ වැඩපිළිවෙල තුළින් උපරිම ප්‍රතිලාභ ලබාදෙන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් තමයි ඉදිරියට ගෙනියන්නේ යැයි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 17,872
Previous Post

යොෂිඩා පදනම මඟින් පවත්වාගෙන යන පෙර පාසල් සහිත භූමිය එම පදනමට පැවරේ

Next Post

දරුවන් ගැනවත් නොසිතා මත්පැන් ප්‍රවර්ධනය කරන යුගයක් මේක – විපක්ෂ නායක සජිත්

editor ttvnews

editor ttvnews

Next Post
කයිවාරුවෙන් සහ භේදබින්නවලින් තොරව තමන්ට වඩා රට ගැන සිතා අප කටයුතු කරමු – විපක්ෂ නායක සජිත්

දරුවන් ගැනවත් නොසිතා මත්පැන් ප්‍රවර්ධනය කරන යුගයක් මේක - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved