• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කරවීමට විධිමත් වැඩපිලිවෙලක් සකස් කරනවා- අමාත්‍ය රොෂාන්

23 June 2022
in දේශීය

ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දෙන ක්‍රීඩා අරමුදල් විධිමත්ව භාවිතා කර ගමේ දක්ෂ දරුවන් ක්‍රීඩා ඉසව් වෙත යොමු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (22) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය ” රටේ තරුණ ප්‍රජාව ලක්ෂ 50 ක් පමණ ද පාසල් යන වසසේ දරුවන් ලක්ෂ 40 කට වැඩියි. ඒ තුළ සැගවුනු දක්ෂතා ඇති දරුවෝ බොහොමයක් සිටිනවා. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වගකීමක් තමයි ඒ දක්ෂ දරුවන් සොයා ඔවුන්ට ඉදිරියට යාම සදහා අවශ්‍ය මාර්ගය සකස් කර දීම. මේ සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, යෞවන සමාජ සම්මේලනය ඒකාබද්ධව විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. ගම තුළ ශක්තිමත් ක්‍රීඩා සමාජ බිහිකර ඒ තුළට තරුණ තරුණියන් යොමු කරවා දක්ෂතා ඇති දරුවන් හදුනාගැනීම සදහා කුසළතා හදුනාගැනීමේ වැඩසටහනක් ‘‘Talent Identification Program’’ එකක් කඩිනමින් පවත්වන්න කටයුතු කරන්න. ඒ තුළින් හදුනාගත් දරුවන් ඉදිරියට ගෙනවිත් දක්ෂතාවෙන් පිරිපුන් අලුත් පරපුරක් අපි අපේ රටට බිහි කළ යුතුයි. ගමේ දරුවෝ ක්‍රීඩාවට යොමු වෙන ප්‍රවනතාවයේ අඩුවක් තිබෙනවා. ගමේ පංසලට දායකයෝ යන්නේ නීති රෙගුලාසි දාලා නෙවෙයි. පාසල් වලට දරුවෝ යන්නේ දෙමාපියන්ගේ කැපවීම මත. දරුවන් ක්‍රීඩාවට යොමු නොවන හේතුව අපි සොයා බැලිය යුතුයි. එතන කුමක් හෝ අඩුවක් තිබෙනවා. එ සදහා අපි පිළියම් යෙදිය යුතුයි. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික තරුණ සේවා සභාවේ සභාපති රවීන්ද්‍ර සමරවික්‍රම, ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක මහතා ඇතුලු නිළධාරීහු පිරිසක් එක්ව සිටියහ.

 

 

Post Views: 22
Previous Post

සමීප මිතුරෙකු ලෙස අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට සහාය වනවා – ඉන්දීය විදේශ ලේකම්

Next Post

ලබු ගිරවෙකු ළග තබාගත් අයෙකු දැලේ

editor

editor

Next Post

ලබු ගිරවෙකු ළග තබාගත් අයෙකු දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved