27 April 2024
#දේශීය

අපි ගාව සංදර්ශන නෑ – විපක්ෂනායක සජිත් කියයි

සමගි ජන බලවේගය රටට අගයක් එකතු කරන දේශපාලන පක්ෂයක් මිස, එය සංදර්ශන දේශපාලනය මත යැපෙන දේශපාලන පක්ෂයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (04) සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් දිවුලපිටිය ආසන බලමණ්ඩලයේ රැස්වීමක් අමතමිනි.

ආණ්ඩුව එදා සිට දිවුවේත් අද දුවන්නෙත් මිත්‍යාව පස්සේ බව පැවසූ විපක්ෂ නායකතුමා තමන් ඇතුලු පිරිස විද්‍යාත්මකව කරුණු ගෙන හැර පානවිට ආණ්ඩුව උපහාසයෙන් සිනාසුන බවද පැවසීය.

Corona එන්නත් රටට රැගෙන එන්නැයි කියා ආණ්ඩුවට බලපෑම් කරමින් ඉල්ලා සිටියදීත් ආණ්ඩුව කළේ මිත්‍යාවන් පිටුපස දිව යෑම බව පැවසූ විපක්ෂ නායකවරයා රටට අදත් විඳීමට සිදුව ඇත්තේ එහි ආදීනව බවද පැවසීය.

විශාල පිරිසක් ඊට එක්ව සිටියහ. සංවර්ධනයේ කොටස් ගණනාවක් ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, එයින් එක් කොටසක් පමණක් අල්ලාගෙන ඇතැම් විකල්ප කණ්ඩායම් සමගි ජන බලවේගය වැඩපිළිවෙළ විවේචනය කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ විවේචන කරන කිසිවෙකුත් කයිවාරු නිසා වැඩ නොකරන බවද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *