27 April 2024
#දේශීය

අධ්‍යාපන අමාත්‍යංශය, ලෝක කවි දිනය සැමරීමට සූදානම් – අමාත්‍ය දිනේෂ්

ලබන,මාසයේදී ලෝක කවි දිනය සැමරීම සඳහා, අධ්‍යාපන අමාත්‍යංශය, අනෙක් පාර්ශ්වයන් සමග දැනටමත් සකච්ඡා ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ස‍ංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ “දේශීය කෘෂි සම්පත් හා ‘තම්මැන්නා’ කවි සම්මේලනය”, සංවිධාන කළ, ගෞරව නාම සන්නස් පත්‍ර ප්‍රදානයට, ඊයේ (05) දින, හෝමාගම – මාගම්මනදී එක්වෙමිනි.

පොලිසියේ නීතියට “කවිය” යටත් නොවන බව පැවසූ අමාත්‍යවරයා, සුදු අධිරාජ්‍යවාදීන්ට එකල එය ඇතුළත් කිරීමටද අමතක වී ඇති බවද කීය. වස විසෙන් තොර දේශීය ගොවිතැන සහ අපේ සංස්කෘතික, උරුමය ඉදිරියට ගෙනයාම, මහා පින්කමක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වන්නියලැත්තෝ අපේ උරුමය රැකගැනීමට, නොසැලෙන ගමනක නිරතව සිටින බවය. අපේ ගොවිතැන ආරක්ෂා කරගනිමින්, අපේ මහ පොළොවෙන් අපේ ආහාර නිපදවන දේශයක් බවට, පත්වීමේ අභියෝගයට අප රට මුහුණ දී සිටින බව පැවසූ අමාත්‍යවරයා, දේශීය ගොවිතැන සහ සංස්කෘතිය සුරකිමින් එය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන්නන්, ජාතියේ කොඳු නාරටිය බවද කියා සිටියේය. වස විසෙන් තොර දේශීය ගොවිතැන සහ අපේ සංස්කෘතික, උරුමය ඉදිරියට ගෙනයාම, මහා පින්කමක් බවද අමාත්‍යවරයා පැවසීය. නවීන තොරතුරු තාක්ෂණය සමග මෙම දේශීය උරුමය රකින්නන් බද්ධ වියයුතු බවද, ඔහු අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *