• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සමෘද්ධිය තිබ්බේ වෙනම ආණ්ඩුවක් වගේ – ඇමැති ගයන්ත

5 August 2018
in සංවර්ධන

පසුගිය කාල වකවානුවේ සමෘද්ධිලාභීන් තෝරා ගැනීමේ දි සිදුවු අක‍්‍රමිකතා හේතුවෙන් ලක්ෂ ගානක් දුප්පත් ජනතාවට අසාධාරණයක් සිදු වු බවත් වෙනම ආණ්ඩුවක් මෙන් තමයි සමෘද්ධිය පාලනය වුනේ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා සමෘද්ධි සංවර්ධන නිලධාරි, ග‍්‍රාම නිලධාරි හා ආර්ථික සංවර්ධන නිලධාරි යන රජයේ නිලධාරින් වෙනුවෙන් බෙන්තර, අංගාගොඩ – 02 ග‍්‍රාම නිළධාරි වසමේ ඉදි කළ බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අමතමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එය නිවැරදි කරමින් සුදුසුකම් ඇති සියලූම පවුල් වලට සාධාරණය ඉටුකිරීමට හැකියාව ලැබී තිබෙන බවයි.

රජයේ දින සියයේ වැඩසටහන යටතේ මහල් තුනකින් ඉදි කිරීමට නියමිත මෙම ගොඩනැගිල්ලේ පළමු අදියර ලෙසට රුපියල් ලක්ෂ 15ක වියදමින් බිම් මහළ අංග සම්පූර්ණව ඉදි කර ඇත.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “නිසි ආදායමක් උපයා ගැනීමට නොහැකි, අධ්‍යාපනය ලබන දරුවන් ඉන්න විදුලිය නොමැති දුප්පත් නිවාස තිබේ නම් ඔවුන්ගේ අභිවෘර්ධිය සදහා නොමිලේ විදුලිය ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිවාස ඉදි කර ගැනීමට හා අලූත්වැඩියා කර ගැනීමට ඉතා අඩු පොළියට ණය යෝජනා ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරනවා. මාසික ආදායම රුපියල් 7500/ ට වඩා අඩු පවුල් වලට නිවාස ඉදිකර ගැනිම ස`දහා රුපියල් පනස්දහසක මුදලක් ලබා දෙන අතර ඉන් ආපසු අය කරගනු ලබන්නේ රුපියල් තිස්දහසක් පමණයිි. ඉතිරි රුපියල් විසිදහසක මුදල ආපසු නොගන්නා ප‍්‍රදානයක් ලෙසට එම පවුල් වලට හිමි වෙනවා. රටේ විශාල විදේශ ණය කන්දරාවක් ගෙවමින් ජනතාවට අතිවිශාල සහනයක් ලබා දීමට ගම්පෙරළිය තුළින් හැකි වීම අපේ ආණ්ඩුව ලැබූ සුවිශාල ජයග‍්‍රහණයක් හැටියට මං සලකනවා. මෙම වැඩසටහන තුළින් ඔබේ අනාගතය සාර්ථක කර ගැනිමට උපරිම ඵල නෙළා ගැනීම සදහා කටයුතු කරන ලෙසට මා ඉල්ලා සිටිනවා. යැයි අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවේදි 2017 මැයි මාසයේ දි ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ පවුල් වෙනුවෙන් අවසන් අදියරේ වන්දි වශයෙන් පවුල් 30 ක් ස`දහා රුපියල් ලක්ෂ තිහක වන්දි මුදලක් ප‍්‍රදානයද අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් සිදු විය. මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත‍්‍රි ජයසිරී නානායක්කාර, බෙන්තර ප‍්‍රාදේශිය ලේකම් වසන්ත විතානගේ යන මහත්වරුද සහභාගි විය.

Post Views: 7
Previous Post

වහල්භාවය නැති කළ යුතුයි – ඇමැති රාජිත 

Next Post

ඕනෑම අභියෝගයකට සූදනම් – ඉරානය

editor

editor

Next Post

ඕනෑම අභියෝගයකට සූදනම් - ඉරානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved