• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට වැනසූ හොරු සමඟ අපේ ඩීල් නැහැ – විපක්ෂ නායක සජිත්

30 June 2022
in දේශීය

පසුගිය ජනාධිපතිවරණය කාලයේ දී වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පැවසුවත් මේ වන විට රටේ ජාතික ආරක්ෂාව නැත්තටම නැති වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (30) විපක්ෂ නායක කාර්යාලයේ දේශපාලන පක්ෂ වල පක්ෂවල නායකයින් පැවැති සාකච්ඡාවකදිය.

ඔවුන් ජාතික ආරක්ෂාව යැයි සැළකුවේ මිලිටරි ආරක්ෂාව මිස ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය, කෘෂිකාර්මික ආරක්ෂාව නොවන බවත් ඒ හේතුව නිසා අප රට මේ වන විට නැතිබැරි දුප්පත් රටක් ලෙස ලෝකය තුළ අපේ ආත්ම අභිමානය නැති වී ඇති බ හෙතෙම පැවසීය.

පාස්කු ප්‍රහාරය වැනි බිල්ලන් මවා ජාතික ආරක්ෂාව ලෙස ඔවුන් මිලිටරිකරණය හැඳින්වූ අතර ඒ හේතුව නිසා ජාතික ආරක්ෂාවේ සැබෑ අර්ථය වන අධ්‍යාපනික, සෞඛ්‍ය, කෘෂිකාර්මික ආරක්ෂාව නැති වී ඇති බවත් මේ හේතුව නිසා විදෙස් රටවලින් ආධාර ඉල්ලා හිඟා කෑමේ තත්ත්වයට රට පත්ව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මෙකී හිඟා කෑම තුළ අප රටේ සම්පත් දැවැන්ත අවධානමකට ලක්ව ඇති බවයි. එසේ ම එම අවධානම හමුවේ ද මොවුන් සොරකම, වංචා දුෂණය ආදිය සිදු කරමින් යන බවද පැවසීය.

එබැවින් මෙවැනි තත්ත්වයක් රටට උදා කළ වත්මන ආණ්ඩුව සමඟ කිසි සේත්ම හවුල් පාලනයක් ගෙන නොවන බවත් එසේ සිදු කළහොත් එය ජනතා අරගලය පාවා දීමක් බවත් පැවසූ ප්‍රේමදාස මහතා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා, රාජපක්ෂ පවුල සහ වංචා දූෂණවලට ලක්වූ පිරිස් පළවා හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය බලාත්මක කර සහභාගීත්ව සංවර්ධනයක් රට තුළ ස්ථාපිත කරන බවයි.

එකී සහභාගීත්ව සංවර්ධනය තුළින් ජනතාවටද රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී විය හැකි රාජ්‍ය සභාවක් ඇති කර එය මසකට වරක් සක්‍රීය කරන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම වත්මන් ආණ්ඩුවේ සිටින දූෂණ, වංචා චෝදනා නැති අවංක ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයන් කිහිප දෙනකු සිටින බවත් ඔවුන් සමඟ සහයෝගයෙන් ඉදිරියේ දී වැඩකිරීමට සූදානම් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

Post Views: 8
Previous Post

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ජයන්ත ද සිල්වා මහතා පත් කෙරේ

Next Post

ආචාර්ය නන්දලාල් ඉදිරි වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට

editor

editor

Next Post

ආචාර්ය නන්දලාල් ඉදිරි වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved