• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි කිසි දෙයක් විකුණලා නෑ – ඇමැති මංගල

1 August 2018
in සංවර්ධන

ජනතාව අත්පොලසන් දිය යුත්තේ දේශපාලනඥයා පොරොන්දු ලබා දෙන විට නොව පොරොන්දු ඉටු කරන විට බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. දේශපාලනඥයන්ගේ පොරොන්දුවලට අත්පොලසන් ලබා දීමේ ප්‍රතිවිපාක පසුගිය වසර දහයක කාලය තුළ ජනතාවට විඳින්නට සිදු වූ බව හෙතෙම පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුව, ඇළහැර, පොකුරුගම පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතිට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

රුපියල් කෝටි 6000ක වියදමින් ක්‍රියාත්මක පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ආරම්භ කෙරෙන ව්‍යාපෘති 180න් එකක් ලෙස මෙම ව්‍යාපෘතිය අද (01) ජනතා අයිතියට පත් කෙරිණි. ප්‍රදේශය පුරා පැතිර යන වකුගඩු රෝගයට පිළියමක් ලෙස මෙම ජල යෝජනා ක්‍රමය ආරම්භ කෙරුණු අතර එමගින් ප්‍රදේශයේ ජනතාවට නැනෝ තාක්ෂණ මගින් පෙරන ලද ජලය නොමිලේ ලබා දෙනු ලබයි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා “ අපට චෝදනා කරනවා අපි රාජ්‍ය සම්පත් විකුණනව කියල. අපි කිසි දෙයක් විකුණල නෑ. වැඩක් ගන්න බැරුව තිබුණ හම්බන්තොට වරාය චීන සමාගමක් එක්ක එකතු වෙලා දියුණු කරනවා. ඒ වගේමයි මත්තල ගුවන්තොටුපොළ ඉන්දියානු සමාගමක් එක්ක එකතු වෙලා දියුණු කරන්න අපි කටයුතු කරනවා. මේක අද ලෝකයේ ඉතා සුලබව සිදු වන දෙයක්. ඒ අනුව ශ්‍රී ලංකාව ඉතා දියුණු සංවර්ධනයක් කරා 2025දි ළගා කරවන්න අපි සූදානම්. සුදු වෑන් නැති, මැරයන් නැති, ඒකාධිපතියන් නැති ශ්‍රී ලංකාව 2025 දී ඉන්දියන් සාගරයේ ප්‍රධාන වාණිජ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම අපේ අපේක්ෂාවයැයි ද අමාත්‍යවරයා පැවැසීය.

Post Views: 6
Previous Post

1000CC නොවැඩි වාහන නිෂ්පාදනය බද්ද සංශෝධනය කරයි

Next Post

2020 වෙනකන් ආණ්ඩුවත් ජනපතිත් ඉන්නවා

editor

editor

Next Post

2020 වෙනකන් ආණ්ඩුවත් ජනපතිත් ඉන්නවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved