27 April 2024
#දේශීය

ලෝකයේ වෙනස් වන අධ්‍යාපනය වෙනුවෙන් අප සුදානම් විය යුතුයි – ඇමැති ඩලස්

ලෝකයේ අධ්‍යාපනය දිනෙන් දින වෙනස් වන අතර ඒ වෙනුවෙන් අප සුදානම් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා ‌මේ බව පැවසුවේ යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්ට් සෛවප්‍රගාස විද්‍යාලයට අත්‍යාවශ්‍යව තිබූ අන්තර්ජාල පහසුකම් සහිත ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කිරීමේ උත්සවයක් සෛවප්‍රගාස විද්‍යාලයේදී ඊයේ සවස (17) පැවැති අවස්ථාවට එක්වෙමිනි.

ගුරුවරුන් 16 දෙනෙකුගෙන් හා ළමුන් 68 දෙනෙකුගෙන් සමන්විත විදුහලට ළමුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ෆොන්ටෙරා ආයතනය විසින් ලබා දුන් ලැප්ටොප් පරිගණකය පරිත්‍යාග කෙරිණි.

අප රටේ අධ්‍යාපන විෂමතාවය නැති කිරීම සඳහා සැවොම එක්ව කටයුතු කල යුතු බව පැමිණි සිටි පිරිස අමතමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති, සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා , යාපනය දිස්ත්‍රික් ලේකම් / දිසාපති ක.මහේෂන් මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ප්‍රදීපන් මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා, පාසලේ විදුහල්පතිනි අගිලාන් දේශ්වරී මහත්මිය සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *