27 April 2024
#සංවර්ධන

අරගල කළ යුත්තේ රට හැදීමට මිස රට විනාශ කිරීමට නෙමෙයි – ඇමැති ප්‍රසන්න

අරගලය නිසා රට ආපස්සට ගිය බවත්, අරගල කළ යුත්තේ රට හැදීමට මිස රට විනාශ කිරීමට නොවන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මිනුවන්ගොඩ නව වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට අද (18) එක්වෙමිනි.

ඔහු පෙන්වා දෙන්නේ අරගල නාමයෙන් සිදු කෙරෙන රට විනාශ කරන කුමන්ත්‍රණ නිසා රටේ අනාගතය අවධානමට ලක්ව ඇති බවයි.

මෙම නව තෙමහල් සුපිරි වෙළඳ සංකීර්ණය ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය වැය කර ඇති මුදල රුපියල් රුපියල් මිලියන 395 කි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *