• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඊළග ජනාධිපති වෙන්නෙත් ඊළග ආණ්ඩුව පිහිටුවන්නෙත් අපියි – ඇමති ප්‍රසන්න

23 July 2023
in දේශීය

මීලග ජනාධිපතිවරණයේදී රටේ ජනාධිපතිවරයා බවට පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ලබා දෙන අපේක්ෂකයා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ මිනීමරු සංස්කෘතියක් තියෙන පක්ෂයක් බව පැවසූ ඇමතිවරයා, පොහොට්ටුව කවදාවත් මිනීමරා නැති බවත්, අපි රටට වැඩ කරපු පක්ෂයක් බවත් සදහන් කලේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ඊයේ (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අත්තනගල්ල ආසන බළ මණ්ඩලයට සහභාගී වෙමිනි. වේයන්ගොඩ අනුර බණ්ඩාරනායක රංග ශාලාවේදී මෙම බල මණ්ඩලය පැවැත්විණි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය” පසුගිය සමයේ රට තුළ ඇති වුනු අරගලය සමග අපි යම් පසුබෑමකට ලක්වුණා. අරගලයත් සමග 69 ලක්ෂයක් ගත්ත අපේ ජනාධිපතිවරයා අස්වුණා. තුනෙන් දෙකක බලයක් තිබුනු අපේ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අස්වුනා. අපේ ගෙවල් ගිනි තිබ්බා. අපිට හිරිහැර කලා. නමුත් දැන් අපි ශක්තිමත් වී තිබෙනවා. අත්තනගල්ල කියන්නේ ශ්‍රිලනිපයට බර ආසනයක්. පංචමහා බලවේග එකතු කරගෙන නිර්මාණය වුනු ශ්‍රීලනිපයට නායකත්නව ලබා දුන්න මහින්ද රාජපක්ෂ මහතා 2015 දි පරාජය වන විට අපි සමග හිටපු පාක්ෂිකයින් වෙනුවෙන් අපි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරා. ගම් මට්ටමින් අපි පාක්ෂිකයින් එකතු කරලා පක්ෂයට ශක්තිමත් අත්තිවාරමක් දැම්මා. මහින්ද මහත්තයා පරාජය වුණාට පස්සේ අපි හිතුවේ නැ එතුමා ආයේ එයි කියලා. අපි එතුමා වෙනුවෙන් රට පුරා ගියා. මහින්ද සුළග හැදුවා. ඒ සදහා ගම්පහ අපි විශාල ශක්තියක් ලබා දුන්නා. 2018 මැතිවරණය තියන කොට හැමෝම කිවුවා එකතු වෙලා ඉල්ලමු කියලා. මම ප්‍රසිද්ධියේ කිව්වේ අපි තනියම ඉල්ලමු කියලයි. පස්සේ හැමෝම තීරණය කරලා අපි තනියම ඉල්ලුවා. ඒ වගේම අපි ජයග්‍රහණය කරා. ජනාධිපතිවරණය වෙලේ අපි ලක්ෂ 3 ½ කින් ගම්පහ දිනුවා. මහ මැතිවරණය වෙලේ මං කිවුවේ අපි මන්ත්‍රී ආසන 13ක් ගන්නවා කියලා. ඒ වගේම අපි ආසන 13 ක්ම දිනුවා. මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කවදාවත්ම දොස් කියන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා යුද්ධයෙන් රට බේරා ගෙන රටට විශාල ශක්තියක් ලබා දුන්නා වගේම, කොවිඩ් වසංගතයෙන් රටත් අපේ ජනතාවත් බේරා ගත්තේ ගෝඨාභය හිටපු ජනාධිපතිතුමා. ලෝක ආර්ථිකය, ස්වභාවික විපත්, කොරෝනා වසංගතය වැනි හේතු සමග අපේ රටේ ආර්ථිකයත් කඩාගෙන වැටුණා. ජේවිපි එක කියන්නේ මිනීමරු සංස්කෘතියක් තියෙන පක්ෂයක්. මිනිස්සු මරන පක්ෂයක්. අරගලය වෙලේ වැඩිපුරම ගෙවල් ගිනි තියලා හානියක් කලේ ගම්පහට. එකෙනුත් වැඩිම හානිය කලේ මිනුවන්ගොඩට. අපේ ගෙවල් 13 ක් ගිනි තිබ්බා. පොහොට්ටුවේ බලය බිදින්නයි අපිට ගැහුවේ. අපි මීට වඩා අමාරු කාලවලට මුහුණ දුන්නා. මේවා අපිට අභියෝග නෙමෙයි. අරගලයේ අයට ගහන එක වැඩක් නෙමෙයි අපිට. නමුත් අපි ඒ අයට ගහන්න යන්නේ නැහැ. මගේ ගෙදර ගිනි තියන්න ආපු අයගෙන් 6 දෙනෙක් අද වන විට මිය ගිහින්. ඒ අයට සොබාදහම දඩුවම් දෙනවා. අපි මිනී මරන පක්ෂයක් නෙමෙයි. අපි රටට වැඩක් කරපු පක්ෂයක්. අපි ඉදිරි කාලය තුළ ගමට ගිහින් අපේ පක්ෂය සහ අපේ පාක්ෂිකයින් තව තවත් ශක්තිමත් කරනවා. අපේ පාක්ෂිකයින්ට මින් ඉදිරියට කරදර හිරිහැර කරන අයට ඒවට පොලියත් එක්කම වන්දි ගෙවන්න වෙයි කියලා මං පැහැදිලිව කියනවා. මේක තර්ජනයක් විදිහට ගන්නත් පුළුවන්. අවවාදයක් විදිහට ගන්නත් පුළුවන්. අද ජේවිපි රැල්ලක් නැහැ. අපි කාටවත් ඕනි විදිහට නටන්න සුදානම් නැහැ. ලබන වසරේ අපි මැතිවරණයකට මුහුණ දෙනවා. සැප්තැම්බර් වන විට අපේ ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා. රට ශක්තිමත් වුණාම අපි ඡන්දය ලබා දෙනවා. අපේ නායකයෝ යුද්ධයෙන් රට බේරා ගත්තා. කොවිඩ්වලින් රට බේරා ගත්තා. එහෙම පක්ෂයක් අපි. ඒ වගේම මං කියනවා, ඊලග මැතිවරණයේදී පොහොට්ටුව සමග එක්ව තරග කරන කෙනා තමයි ජනාධිපති වෙන්නේ. ඒ වගේම ඊළග ආණ්ඩුව පිහිටුවන්නෙත් අපි. ඔබේ සහයත් සමග අපි ඒක අනිවාර්යෙන්ම සිදු කරනවා.”යනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සහන් ප්‍රදප්, කෝකිලා හර්ෂණී ගුණවර්ධන යන මහත්ම මහත්මීන්, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 17
Previous Post

මාතලේ නගරයේ වාහන පරික්ෂාවක්

Next Post

මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් – ජනපති

editor

editor

Next Post

මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved