27 April 2024
#දේශීය

මේ පාර ආසන 150ක් ශුවර් – මුතුහෙට්ටිගම

ඉදිරි මහමැතිවරණයේදී ආසන එකසිය පනහක බලය සමගින් තුනෙන් දෙකක බලයක් ලබාගැනීම සඳහා පෙර නිමිති පහළවී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම  පවසයි.

නෙළුව අතුරේගෙදර ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කල අතර  ඉතිහාසයේ අලියා ලබන අන්ත පරාජය මේ මැතිවරණයේදී ලබන බවත් පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“පක්ෂ දේශපාලනයේ වම ශක්තිමත් වෙලා දකුණ කුඩුපට්ටම් වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලා සජිත්ලා එළිපිට මොරදිදී රණ්ඩු වෙද්දී මේ රටේ ජනතාවට අනාගතය සුභ වෙන්න සෞභාග්‍යමත් රටක් බිහි කරන්න තුනෙන් දෙකක පෙර නිමිති අපිට දැන් පේනවා.

තුනෙන් දෙකක් ගන්නවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන සන්ධානයේ අපි ගන්න ලෑස්තියි.

මේ රටේ ඉදිරි අවුරුදු පහ බලය පතුරුවනවා වගේම පහෙන් නෙමෙයි දහයෙන් නිම නොවන ගමනක් යන්න ලෑස්තියි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ එක්සත් ජාතික පක්ෂයට, සමගි බලයට ලකුණ නෙමෙයි මුකුත් එකතු කරගන්න බැරි වෙනවා.
චන්ද එකතු කරන්න ඉඩ ලැබෙන්නෙත් නැහැ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *