27 April 2024
#ක්‍රීඩා

අපි හෙට ගෝඨාව හමුවෙනවා – ටී.බී කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සුදානමින් සිටින බව හිටපු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි.

අප කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ තමා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවදුරටත් රැඳි සිටිනවාද නැද්ද යන්න පිළිබඳ තවමත් සාකච්ඡා කරන බවයි. එසේම හෙට දිනයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බව ද ඒ මහතා කියා සිටියේ. ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට පෙර පැය භාගයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පාර්ශවයෙන් ඉවත් වු 16 දෙනා සාකච්ඡාවේදි කතා කරන්නේ මොනවාදැයි පෙර සුදානමක් කරන බව ද හෙතෙම පැවසිය.

එසේම වත්මන් දේශපාලන වාතාවරණයක් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිනවාද නැද්ද යන්නත් පොදු ජන පෙරමුණට සහාය දී ඉදිරියේදී දේශපාලන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *