• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2019 ලෝක කුසලානය අපිට ලේසිවන එකක් නැහැ – ඇමැති අර්ජුන

24 September 2018
in දේශීය

ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ මේ ආණ්ඩුවේ බවත් ඒකට දයාසිරි කියන පුද්ගලයා වගකියන්න ඕනේ බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වත්මන ලබන පරාජයන් ගැන මාධ්‍යවේදීන් හමුවේ අද (24) අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේය “දයාසිරි ජයසේකර කියන්නේ කවුද කියලා මිනිස්සු හොඳට දන්නවා. ඔබතුමාලට පුළුවන් නම් 2015 මැතිවරණයට පෙර දයාසිරි කියපු දේවල් මොනවාද කියලා බලන්නකෝ. අපේ ජනාධිපතිතුමාට කිවුවේ හිටන් හුටන්, කොන්දක් නැහැ කියලා. හැබැයි ඇමතිකම දෙනකොට ජනාධිපතිතුමා ළඟට ගිහින් කොන්ද නැතිව දෙකට තුනට නැමිලා, වැඳලා ඇමතිකම් ගත්ත කෙනෙක් එතුමා. අනික ඔය දයාසිරි නෙමෙයි කථා කළේ. බුකි සිරි කතා කළේ. ඔහු තමයි බුකිකරුවෝ ක්‍රිකට් පරිපාලනයට ගෙනෙල්ලා ක්‍රිකට් ක්‍රීඩාවට නැත්තටම නැතිවන ලෙස විනාශ කළේ. බුකිකාරයෝ සූදුකාරයෝ පටලගෙන මේ ක්‍රිකට් විනාශ කළේ. ඔහුට ලොකු ප්‍රශ්නයක් තියෙනවා දක්ෂ ක්‍රීඩකයින් එක්ක. පසුගිය කාළේ සුසන්තිකාට අපහාස කළා. මාලිංගට අපහාස කළා. දයාසිරි හිතන්නේ එයා හරි දක්ෂ ක්‍රීඩකයෙක් කියලා. පාරේ බැහැලා පොලු කරවලා සරඹ පෙන්නුවාට, ජිම් එකට ගිහින් පින්තූර ගත්තට ක්‍රීඩකයෝ වෙන්නේ නැහැ. ඔබ සොයා බලන්න එදා දායාසිරි ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සිටි කා‍ලේ ගම්වල තිබුණු ක්‍රීඩාංගණවලට කොයිතරම් මුදලක් ගිහින් තියෙනවද ? ඒ මුදල් ඇත්තටම ක්‍රීඩාංගණ හදන්න යොදවලා තියෙනවද කියලා විතරක්. මම හිතන්නේ දයාසිරි ගැන අහන්න ඕනේ මගෙන් නෙමෙයි. ජී එල්. පීරිස් ඇමතිතුමාගෙන් අහන්න දයාසිරි කියන්නේ කවුද කියලා. නැත්නම් අහන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් දයාසිරි කවුද කියලා. ඒ අය හොඳට කියලා දෙයි දයාසිරි කියන්නේ කවුද කියලා. ඔය සිරිට හරියන්නේ මාලිංගේ බෙනේ කථාවම තමයි. මම මීට කලින් කිව්වා අපි බංගලාදේශයට පරදිනවා කියලා. ඒක සිද්ධ වුණා. මම මාස 6 – 8කට ඉස්සෙල්ලා කිවුවා ඇෆ්ගනිස්ථානයට පරදිනවා කියලා. ඒකත් සිද්ධ වුණා. මම තව ටික කාලයකින් කියන්නම් මෙහෙම ගියොත් කාටද පරදින්නේ කියලා. ඒ තරමට අපේ ක්‍රිකට් විනාශ වෙලා. නමුත් තාම අපේ ක්‍රිකට් බිම ඇනිලා නැහැ. මේ ක්‍රීඩකයෝ හදන්න පුළුවන්. අපි තාමත් කියන්නේ ව්‍යවස්ථාව වෙනස් කරලා ඉන්පසුව නිලවරණයක් තියන්න. එතකන් අතුරු කමිටුවක් පත් කරන්න. අතුරු කමිටුවක් පත් කරන්න බැරිනම් සිදත් වෙත්තමුනිලා , මහේලලා, සංගක්කාරලා‍, මුරලිලා වැනි ක්‍රීඩකයෝ ටිකක් හරි දාලා මේක දුවන්න. ඉන්න ඇමතිතුමාටත් ඒ ගැන වගකීම ගන්න වෙනවා. මම නම් හිතන්නේ අපේ යහපාලන ආණ්ඩුවේ අයහපත්ම දේ වුණේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට. ලෝක කුසලාන තරගාවලිය අපිට ලේසි වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. ඒ වගේම මේ පරාජයන්ට නායකයාට විතරක් දොස් කියලා බැහැ. තේරුම් කමිටුවත් එහි වගකීම ගන්න ඕනේ. ක්‍රිකට් පරිපාලනයත් වගකියන්න ඕනේ. බලන්න ආසියානු තරගාවලියට යන්න ඉස්සල්ලා 20 යි 20 තරගාවලියක් පැවැත්වුණා. නමුත් අපි ගියේ පන්දුවාර පනහේ තරගාවලියකට. කෝ අපිට දැක්කමක්. අපේ ක්‍රිකට් පාලකයින් කළේ සංගම්වලට මුදල් ටික බෙදලා දෙන එක. එහෙම නැතුව අපිට දැක්කමක් තිබුණේ නැහැ. මේ තත්ත්වය ගැන අපේ ජනාධිපතිතුමා බලන්න ඕන. අගමැතිතුමාත් බලන්න ඕන. නැතිනම් ඊලඟ මැතිවරණය එනකොට අපි හැමෝටම ජනතාව පාඩමක් උගන්වාවි….” යනුවෙනි. යැයි අමාත්‍ය අර්ජුන් රණතුංග මහතා කියා සිටියේය.

Post Views: 8
Previous Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කළාපය දඹුල්ලේ හා යාපනයේදී

Next Post

ජනපති කැනඩා අගමැති සමග

editor

editor

Next Post

ජනපති කැනඩා අගමැති සමග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved