• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජයෙන් අපි ඉවත් වෙන්නේ නෑ  – ඇමැති අමරවීර කියයි

22 December 2020
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වීමේ අදහසක් නොමැති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොදුජන පෙරමුණේ ඇතැම් පාර්ශ්ව මගින් එල්ලවන කෙණෙහිළි කම් නිසා රජයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානමින් සිටින බවට පළ ව ඇති පුවත් සම්බන්ධයෙන් හම්බන්තොට දී මාධ්‍යවේදීහු පිරිසක් විමසු අවස්ථාවේදිය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත්වීමට යනවා යැයි සඳහන් ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

පොදු ජන පෙරමුණු පක්ෂය තුළ සිටින අති බහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලන අත්පොත තැබූ අය වන අතර ඒ අය කිසිවිටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්නට කටයුතු නොකරන බව හෙතෙම පැවසිය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” නමුත් අපිට ප්‍රශ්න නැත්තේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලන කටයුතුවල නිරතව සිටින අපේ පළාත් හා ප්‍රාදේශීය දේශපාලනඥයින්ට මෙන්ම සංවිධායකවරුන්ට යම් යම් ගැටළු සහගත තත්ත්වයන්, කෙණෙහිළිකම් පොදු පෙරමුණේ ප්‍රාදේශිය දේශපාලනඥයින්ගෙන් එල්ල වන බවට ඒ අය අපිට නිතරම මැසිවිළි නගනවා. නමුත් අපි තවමත් පොදු පෙරමුණු පක්ෂයේ මුල් පෙළේ නායකයින් වන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් පිළිබඳ දැඩි විශ්වාසයක් තිබෙනවා. එතුමන්ලා සමග සාකච්ඡා කර එම ගැටළු නිරාකරණය කර ගැනීමට උත්සාහ දරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ පළාත් හා ආසන සංවිධායකවරුන්ගේ ගැටළු සම්බන්ධවත් විසඳුම් ලබා දෙනු ඇතැයි අපි තුළ විශ්වාසයක් තිබෙනවා. අනික් කාරණය තමයි සමහර ප්‍රවෘත්ති පළ වෙලා තියෙනවා මම දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වෙලා සමගි ජන බලවේගයත් එක්ක එක්වෙනවා කියළා. ඒක තමයි මේ යුගයේ හොඳම විහිළුව. සමගි ජන බලවේගය ශක්තිමත් පක්ෂයක් නොවෙයි. ඒක වැට උඩ තියෙන පක්ෂයක්. නැවැත මේ රටේ අවුරුදු ගණනාවකට එක්සත් ජාතික පක්ෂය හෝ ඒකෙන් කැඩී ගිය සමගි ජන බලවේගයට ආණ්ඩුවක් පිහිටුවන්න මේ රටේ ජනතාව ඉඩ තබන්නේ නැහැ. ඒ පක්ෂවලට දැන් නායකත්වයක් නෑ. ඒ වගේම මුස්ලිම් හා දෙමළ පක්ෂවලට මින්පසු නාම යෝජනා නොදෙන බවටත් සමග ජන බලවේගය ප්‍රකාශ කරළා තිබුනා. දැන් ඒ සුළුතර පක්ෂත් ඉන්නේ සමගි ජන බලවේගයත් ත් එක්ක විරසකභාවයකින්. ඒ නිසා ඔය දුවන කෝච්චිවලට බෙල්ල තියන්න අපිට ඕනෑ කමක් නෑ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් යනවා කියන කතාවේ ඇත්තක් නැති බව ප්‍රකාශ කරනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Post Views: 8
Previous Post

නව පාසල් වාරයේ ආරම්භය ජනවාරි 11 දා – අධ්‍යාපන අමාත්‍යංශය

Next Post

පැණි ව්‍යාපාරයට කාලි මැණියන් භාවිත කරන්න එපා – ශර්මා ස්වාමිතුමන්

editor

editor

Next Post

පැණි ව්‍යාපාරයට කාලි මැණියන් භාවිත කරන්න එපා - ශර්මා ස්වාමිතුමන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved