• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

20 න් රට බෙදනවා කිව්වොත් අපි අස්කර ගන්නවා

7 June 2018
in ක්‍රීඩා

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කෙරෙන්නා වූ නව 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියවන්නේවත් නැතිව ඇතැම් අය අපරිණත මෝඩ තකතීරුකම ප‍්‍රදර්ශනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (07) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ එම ව්‍යවස්ථාව තුළින් රට බෙදන වගන්තියක් සඳහන් තිබෙනම් එය පෙන්වන ලෙස අභියෝග කර සිටි.

එහිදී මන්ත්‍රී හේරත් මහතා මෙසේ අදහස් පල කර සිටියේය “ ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිධුරය මුළුමනින්ම අහෝසි කිරීම සඳහා 1978 සිට මැදිහත් වූ පක්‍ෂයක්. අප පමණක් නොව තවත් පක්‍ෂ ගණනාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට මැතිවරණවලදී, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලදී ජනතාවට පොරොන්දු දුන්නා. නමුත් මෙතෙක් කල් එම කිසිදු ජනාධිපතිවරයෙක් එම ධුරය අහෝසි කළේ නැහැ.
20වැනි සංශෝධනය කාට හෝ තනි පුද්ගලයෙකුට බලය පැවරෙනවාද? 20ට විරුද්ධ පිරිස් රනිල්ට බලය පැවරෙනවා කියලා තව බිල්ලෙක් මවනවා. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන තුරු 20 කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ. 2020 ජනවාරි 09වැනිදා සිට 20 කි‍්‍රයාත්මක වීම ආරම්භ වන අතර එතැන් සිට මසක කාලයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යා යුතු බවට අපි යෝජනා කර තිබෙනවා. අපි ඉතා දැනුවත්ව එම යෝජනාව සිදු කරන්නේ රට අරාජික වීම වැළැක්වීමටයි. දැනටත් සිදුවන්නේ පාර්ලිමේන්තුව විසුරුවීමෙන් පසුව රටේ අස්ථාවරභාවයක් ඇතිවීම වැළැක්වීමට අගමැතිවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය තමයි මැතිවරණ කාලය තුළදී රට පාලනය කරනු ලබන්නේ. එනිසා රට අස්ථාවර නොකිරීම් වගකීම අපිට තිබෙනවා. 20 කි‍්‍රයාත්මක වනවාත් සමඟ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ අගමැතිවරයාගේ ධුරය, ජනාධිපතිවරයාගේ ධුරය අහෝසි වන්නේ නැහැ. ඇත්තටම සිදුවන්නේ 2020 සැප්තැම්බර් දක්වා තිබෙන අගමැතිවරයාගේ ධුර කාලය 2020 පෙබරවාරි මාසය දක්වා අඩු කිරීමයි.
20 එන්නත් කලින් රට බෙදනවා කියන මතය දැන් පරාජයට පත් වෙලා. හාමුදරුවන් වහන්සේලා පිරිසක් 20 එන්නත් පෙර සඟ සමුළුවක් පැවැත්වූවා. නමුත් අපි 20 පිළිබඳව නායක හාමුදුරුවන් වහන්සේලාට කරුණු පැහැදිලි කරමින් ඉන්නවා. දැන් උන් වහන්සේලා ඇත්ත තේරුම් ගනිිමින් ඉන්නවා. තවත් පිරිසක් තමන්ගේ දේශපාලන බල වුවමනාව වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා. ඔවුන් අනාගතයේ තමන්ට ලැබේ යැයි සිතෙන මස් කට්ටක් වෙනුවෙන් කෑ-මොර දෙනවා. රට බෙදනවා කියලා කියනවා නම් මනෝ ගනේෂන්ලා, රාවුෆ් හකීම්ලා ඇයි මේකට විරුද්ධ වෙන්නේ? ඒ නිසා ඒ බොරු තර්ක නිෂේධනය වෙලා යනවා. කාරක සභා අවස්ථාවේ රට බෙදන යෝජනා ඉදිරිපත් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. එවැනි යෝජනා ඉදිරිපත් වුවහොත් අපේ යෝජනාව ඉල්ලා අස්කර ගන්නවා. යැයි මන්ත්‍රී විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 24
Previous Post

එජාප පාක්ෂිකයින්ගේ ගැටළුවලට කඩිනම් විසදුම්

Next Post

ඇල්පිටිය ගැන ඇමැති ගයන්ත බලයි

editor

editor

Next Post

ඇල්පිටිය ගැන ඇමැති ගයන්ත බලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved