27 April 2024
#දේශීය

සහෝදර ගැටුමෙන් මල්ලි මරුට

මාතලේ පල්ලේපොල,පොල්වත්ත ප්‍රදේශයේ ඊයේ(20)දා සහෝදරයන් දෙදෙනෙකු සමග ඇතිවු ආරාවුලක් දුරදිග යාමෙන් අයියා විසින් සිදු කළ පහරදිමකදි මල්ලි මරණයට පත්ව ඇති බව මහවෙල පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ සැලගම පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි සනත් ජයසිංහ නැමති 27 හැවිරිදි එක්දරු අයෙකි.

වැඩිමහල් සහෝදරයාගේ නිවසේදි මෙම ඝාතනය සිදු ව ඇති අතර කාලයක් තිස්සේ දෙදෙනා අතර ආරවුල් තිබි ඇති බවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විමට නියමිතය.

දේහය මාතලේ මහ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියමිතය.

මහවෙල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප පාලිත ජයරත්න මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය පිළිබදව පරික්ෂණ පවත්වයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *