මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.එම නිවේදනයට අනුව, ඉහත සඳහන් දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උෂ්ණත්ව දර්ශකය මිනිස් සිරුරට “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ බලධාරීන් පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් ප්‍රවේශම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
















