ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරවලින් සිය වැසියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.අදාළ ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බවත්, එම ප්‍රහාර සඳහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තම රටට පවතින බවත් කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.ඉරානය විසින් කටාර් රාජ්‍ය වෙත එල්ල කරන ලද ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් මෙන්ම, සිය රටේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය උල්ලංඝණය කිරීමක් ලෙස ඔවුන් සඳහන් කරයි.ඇමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, ඉරානය විසින් ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු හමුදා කඳවුරු පිහිටි කටාර්, බහරේන්, කුවේට්, ජෝර්දාන් සහ ඕමාන් ඇතුළු රටවල හමුදා ඉලක්ක වෙත මෙම ප්‍රහාර මාලාව දියත් කර ඇත.
















