දිවයින පුරා පවතින සක්‍රිය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකි බැවින්, නැවත දැනුම් දෙනතුරු එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
මීට අමතරව ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය දක්වා සහ කල්පිටියේ සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි විය හැක. මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු රළ උස මීටර් 2.0-2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ද පවතී. ගොඩබිම් ප්‍රදේශවල ද මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
අද (09) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
















