2026 ඔක්තෝබර් 12 වැනිදා සවස වීරකැටිය පොලිස් වසමේ මැදමුලන ප්රදේශයේදී විදේශීය නිෂ්පාදිත පෝර 12 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි 16 හැවිරිදි සැකකරුවෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වීරකැටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මැදමුලන, වීරකැටිය ප්රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු 2026 ඔක්තෝබර් 13 වැනිදා වලස්මුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වීරකැටිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.
















