ශ්රී ලාංකික අනෝජන් සිවරාසා මහතාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත.
මෙම තීරණයත් සමඟ අනෝජන් සිවරාසා මහතා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්රියාමාර්ග පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.
















