වීරකැටිය පොලිස් වසමේ කිංචිගුනේ ප්රදේශයේදී පිස්තෝල අවියක් සහ එයට යොදන උණ්ඩ 6ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ඔක්තෝබර් 11 වැනිදා දහවල් වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන කිංචිගුනේ, මැදමුලන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.













