2026 ඔක්තෝබර් 11 වැනිදා සවස කොස්ගොඩ පොලිස් වසමේ පැලෑගස්ලත්ත ප්රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී පිස්තෝල අවියක් සහ හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොස්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී පිස්තෝල අවියක්, එයට අදාළ මැගසිනයක් සහ උණ්ඩ දෙකක් සමඟ හෙරොයින් ග්රෑම් 3යි මිලිග්රෑම් 100ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන කොස්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














