වීරකැටිය පොලිස් වසමේ කුඹුක්මුල්ල ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 67යි මිලි ලීටර් 500ක් (බෝතල් 90ක්) සහ මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 1160ක් (බැරල් 7ක්) සමඟ සැකකරුවෙකු වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හකුරුවෙල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, වීරකැටිය පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















