ඉරානය පරාජය කිරීමෙන් පසු හොර්මුස් ජලසන්ධිය ඉක්මනින්ම එක්සත් ජනපදයේ භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. නිව්යෝර්ක් ප්‍රාන්තයේ පොලිස් ඇකඩමියක පැවති දේශපාලන රැළියක් අතරතුර ඔහු මේ බව සඳහන් කර ඇත.
පසුගිය පෙබරවාරි 28 වන දින ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද්ධයක් ආරම්භ කළ අතර, එහි ප්‍රධාන අරමුණ වූයේ එරට න්‍යෂ්ටික වැඩසටහන අවසන් කිරීම සහ ජනප්‍රිය නැගිටීමක් ඇති කිරීමයි. කෙසේ වෙතත්, ගෝලීය බලශක්ති ප්‍රවාහනයට අත්‍යවශ්‍ය වන හොර්මුස් ජලසන්ධියේ වැඩි ප්‍රදේශයක පාලනය තහවුරු කරමින් ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර, මේ වන විට දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් පවතී. ඉරාන වරායන් අවහිර කරමින් අමෙරිකානු නාවික හමුදාව වැළැක්වීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
















