වැලිගම, වෑයා පාරේ මාලපේ හරහා ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (ජූලි 09) රාත්‍රී සිදුවූ මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකු සහ රියදුරු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයා මියගොස් ඇත. බරපතල තුවාල ලැබූ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහල වෙත මාරු කර යවා තිබේ.
මියගිය පුද්ගලයා වැලිගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි. වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.














