ස්ප්‍රයිට් ලීටර් 1.25 බෝතල් දෙකක වයිට් ඩයමන්ඩ් වර්ගයේ අරක්කු මිශ්‍ර කර ඊයේ දින වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා බැලීමට පැමිණි පුද්ගලයෙකු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයා සහ සොයාගත් තහනම් ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
