• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රුපියල් කෝටි 06 ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බදුරලිය කැලෑවක දමා ජාවාරම්කරු පලායයි

31 May 2026
in දේශීය, පුවත්
රුපියල් කෝටි 06 ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බදුරලිය කැලෑවක දමා ජාවාරම්කරු පලායයි
රුපියල් කෝටි පහමාරකට අධික වටිනාකමකින් යුත්, කිලෝ 04 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අඩංගු ගමන් මල්ලක් බදුරලිය, තුඩගල ප්‍රදේශයේ කැලෑවක තිබී සොයා ගත් බව බදුරලිය පොලිසිය පවසයි. මෙය කළුතර කොට්ඨාසය තුළින් මෙතෙක් සොයාගත් විශාලම අයිස් මත්ද්‍රව්‍ය තොගය බව ද පොලිසිය සඳහන් කරයි.
බදුරලිය, තුඩගල පාලම අසල ප්‍රදේශයේ පිහිටි කැලෑවක් තුළ තිබූ මෙම ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී, එහි තිබූ විශාල ප්‍රමාණයේ පාර්සල් 60ක් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 යි ග්‍රෑම් 362 ක ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇත. මතුගම ප්‍රදේශයේ සිට පුද්ගලයෙකු බදුරළිය ප්‍රදේශයට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන එන බවට ලද රහසිගත තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වී තිබුණ ද, ඒ වන විටත් සැකකරුට පොලිසිය පිළිබඳ සැක සිතී මත්ද්‍රව්‍ය අඩංගු ගමන් මල්ල දමා පලාගොස් තිබේ. ඒ අනුව එය රැගෙන යාමට නියමිතව සිටි අනෙක් පුද්ගලයා ද එම ස්ථානයට නොපැමිණ ඇති බවට පොලිසිය සැක කරයි.
ගමන් මල්ලේ හිමිකරුවා ඇතුළු සිද්ධියට සම්බන්ධ සෙසු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඉදිරි විමර්ශන පුළුල් කර ඇත. කළුතර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිණී වීරසූරිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උදය කුමාර සහ සහකාර කාන්තා පොලිස් අධිකාරී ඉනෝකා ලියනගේ යන නිලධාරීන්ගේ උපදෙස් මත, බදුරලිය පොලිස් ස්ථානාධිපති පී.බී. වැදිසිංහගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති නිලංග, පොලිස් සැරයන් සුමිත් සහ පොලිස් කොස්තාපල් අබේවික්‍රම යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.
Post Views: 1
Previous Post

අරක්කු ස්ප්‍රයිට් බෝතල්වල දමාගෙන වැලිකඩ සිටින මහින්දානන්ද බලන්න ගිය අයෙකු අත්අඩංගුවට

Next Post

ඉබෝලා නිසා පැනවූ සංචාරක සීමා ගැන නැවත සිතන්නැයි WHO ඉල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉබෝලා නිසා පැනවූ සංචාරක සීමා ගැන නැවත සිතන්නැයි WHO ඉල්ලයි

ඉබෝලා නිසා පැනවූ සංචාරක සීමා ගැන නැවත සිතන්නැයි WHO ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved