පාදුක්ක, ඉහළ බෝපේ ප්‍රදේශයේදී ඊයේ (23) දහවල් සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 500ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 38,020ක මුදලක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි රණාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
















