වැල්ලවාය කොටවෙහෙරගල රක්ෂිතයේ පෙරේදා (29) රාත්‍රී හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර පහක් පමණ විනාශ වී තිබේ.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක රක්ෂිතවල ගිනි ගැනීම් වාර්තා වන අතර, වන සංරක්ෂණ හා ආපදා කළමනාකරණ ඒකකවල නිලධාරීන් ප්‍රදේශවාසීන් සමඟ එක්ව මෙම ගින්න නිවා දමා ඇත.














