වැල්ලවාය සහ පායගල ප්‍රදේශවල සිදුවූ ඝාතන හේතුවෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇති අතර අනුරාධපුර නුවර වැවෙන් හඳුනා නොගත් මළ සිරුරක් ද සොයාගෙන තිබේ වැල්ලවාය නෙටොලගම ප්‍රදේශයේදී 32 හැවිරිදි කාන්තාවක් ඇගේ සහකරු සමඟ ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පහර දී ඝාතනය කර ඇති අතර සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ
මේ අතර පායගල විහාරකන්ද ප්‍රදේශයේ පැවැති අලුත් අවුරුදු සාදයක් අතරතුර ඇති වූ ගැටුමකින් 46 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත ලී පොල්ලකින් හිසට එල්ල වූ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ මීට අමතරව අනුරාධපුර නුවර වැවේ පාවෙමින් තිබූ හඳුනා නොගත් පිරිමි මළ සිරුරක් ද සොයාගෙන ඇති අතර එම මරණයට හේතුව සහ අනන්‍යතාවය හඳුනා ගැනීමට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි














